Whether you have years of work experience or you just graduated, there’s a job opportunity for you at Nestlé. Search for jobs here.
Terms & Conditions-Nestle Professional recipe challenge – 2021
-
සී/ ස නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම (මින් පසු “නෙස්ලේ” ලෙස හදුන්වනු ලැබේ) විසින් Nestlé Professional Recipe Challenge “නෙස්ලේ ප්‍රොෆෙශනල් රෙසිපි චැලේන්ජ්” (මින් ඉදිරියට ව්‍යාපෘතිය ලෙස හඳුන්වනු ලැබේ) යන නමින් ව්‍යාපෘතියක් දීපව්‍යාප්ත මට්ටමින් සංවිධානය කිරීමට නියමිතයි.
-
මෙම ව්‍යාපෘතිය වලංගු වන්නේ 2021 ජුනි 15 සිට, 2021 ජූලි 31 (මින්පසු “ව්‍යාපෘති කාලසීමාව” ලෙස හදුන්වනු ලැබේ) බැවින් සහභාගීවන්නන් තමුන්ගේ ඇතුලත්වීම් / අයදුම්පත් ඉහත සදහන් ව්‍යාපෘති කාලසීමාව තුළ ලැබීමට සැලැස්විය යුතුයි.
-
සහභාගීත්වය අනිවාර්‍ය නොවන අතර ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්විය හැක.
-
සහභාගීත්වය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සදහා විවෘත වන නමුත් නෙස්ලේහී කාර්‍යමණඩලය / කාර්‍යමණ්ඩල පවුලේ සාමාජිකයින් / හවුල් සමාගම් / ප්‍රචාරණ නියෝජිතයින් හෝ මාධ්‍ය හවුල්කරුවන් සඳහා විවෘත නොවේ.
-
ඇතුලත් වීම සදහා තරගකරුවන් විසින් සැපිරිය යුතු සුදුසුකම්:
a. තරගකරුවන් විසින් Maggi Seasoning Powder භාවිතා කර ඔවුන් විසින් ආහාරයක් සකසන අයුරු වීඩීයෝ කර Nestlé Professional Facebook පිටුව වෙත Inbox කර එවිය යුතුය.
b. තරගකරුගේ නම, සේවය කරන හෝටලයේ/අවන්හලේ හෝ ආහාර සම්බන්ධ ව්‍යාපාරයේ නම, තරගකරු විසිම් සැකසූ ආහාර වට්ටෝරුවේ ඡායාරූපයක් සහ විස්තර ඇතුළත් වීඩියෝවක්, තරගකරුගේ ව්‍යාපාරය ලියාපදිංචි කළ ලේඛනයෙහි හෝ, සේවක හැඳුනුම්පතේ ඡායාරූපයක් හෝ ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය ගිණුම් විස්තර සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ ලිපිනය Nestlé Professional Facebook පිටුව වෙත යොමු කළ යුතුය.
c. පළමු ජයග්‍රාහකයන් තිදෙනාට පිළිවෙලින්, රු.100,000, රු.75,000 සහ රු.50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.තවත් තරගකරුවන් 25කට රු.25,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.
d. සියලුම තරඟකරුවන් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කළ යුතුය.
e. තරගකරුවන් විසින් එවන ලද රෙසිපි වීඩියෝ ඉදිරි මාසයේදී Nestlé Professional ෆේස්බුක් පිටුවේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
f. ඉහත අවශ්‍යතා සපුරා නොලන අයදුම්පත් හෝ ව්‍යාපෘති සහ කාලසීමාවට පසුව ලැබෙනා අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
-
ත්‍යාග ලබාගැනීමේදී ඇතිවන ගැටලු හෝ ත්‍යාග ලබාගැනීම සම්බන්ධ පැමිණිලි සඳහා නෙස්ලේ ලංකා පාරිභෝගික සේවා දුරකතන අංකය වන (0094)011 47 24 724 අමතන්න.
-
කෙසේ නමුත් ත්‍යාලාභීන්ගේ නොසැලකිල්ල හෝ මඟහැරීම් වෙනුවෙන් සිදුකරනු ලබන පැමිණිලි වෙනුවෙන් නෙස්ලේ සමාගම වගකියනු නොලැබේ.
-
ත්‍යාග ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය ජයග්‍රාහකයින් වෙත දැනුම්දෙනු ලැබේ.
a.ජයග්‍රාහකයා තෝරාගැනීමේ අවසන් තීරණය නෙස්ලේ සමාගම සතුවන අතර එය වෙනුවෙන් කිසිදු විශේෂ පැහැදිලි කිරීමක් සිදුනොකරනු ඇත.
b. ජයග්‍රාහකයින් ලැබිය යුතු ත්‍යාගය නෙස්ලේ මගින් තීරණය කරනු ලබන අතර එහි තොග ඇති / නැති බව ත්‍යාගය සඳහා පදනම් වේ.
c. ත්‍යාග පිරිනැමීම නෙස්ලේ මගින් ක්‍රියාත්මක කරන සත්‍යාපනයකට යටත් වේ. ජයග්‍රාහකයින්ගේ නීත්‍යානුකූලභාවය සත්‍යාපනය කරගැනීමට නෙස්ලේ මගින් මූලික විගණන ප්‍රමිති භාවිතාකරනු ලැබේ. ජයග්‍රාහකයින්ගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මතගැටුම් මතුවන ඕනෑම අවස්ථාවක අදාළ ජයග්‍රාහකයාගේ තිළිණය අවලංගු කිරීමේ හිමිකම නෙස්ලේ සතුවේ. ජයග්‍රාහකයින් අභ්‍යන්තර සත්‍යාපනයකට හෝ ඔවුන් සම්බන්ධ කරගත නොහැකිවිටක හෝ ඔවුන් ත්‍යාගය ලබාගැනීමෙහි අපොහසත්වන කුමන හේතුවක් හෝ පැන නගින අවස්ථාවක නෙස්ලේ හට එම තිළිණයක් අදාළ තරඟකරුට දැනුම්දීමකින් තොරව වෙනත් තරඟකරුවෙකුට වෙන්කිරීමේ සම්පූර්ණ අයිතිය හිමිවේ.
d. ජයග්‍රාහී තරඟකරුවා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ විටෙක/ ඉදිරිපත් නොවන / ප්‍රකාශ නොකරන අවස්ථාවක දී ඔවුන් තෝරාගැනීමේ ක්‍රියාවලිය තුළින් ඉදිරියට පැමිණ නොමැති බැවින් ඔහු /ඇය ජයග්‍රාහකයෙක් නොවන බවට තීරණය කෙරේ.
e. තිළිණයක් මාරුකිරීම කළ නොහැකි අතර මේ සම්බන්ධ විමසීම් සලකා බලනු නොලැබේ.
f. මෙම ව්‍යාපෘතියට ඇතුලත් වීම තුළ නෙස්ලේ ආයතනයහට ජයග්‍රාහකයින්ගේ නම, ඡායාරූප, හඬපට,අයදුම් හෝ වෙනත් අදාළ තොරතුරු ප්‍රවර්ධන, මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම් , ඉදිරිපත් කිරීම, සන්නාම අධ්‍යයනය, වෙළදපොළ පර්‍යේශන, ප්‍රචාරණය සහ වෙළඳ කටයුතු උදෙසා වැඩිදුර අනුමැතියකින්/ අවසර ගැනීමකින් / වන්දියකින් හෝ දැනුම්දීමකින් තොරව සීමා රහිත කාලසීමාවකට භාවිතා කිරීමට අවසර ලැබේ.
g. නෙස්ලේ මගින් ව්‍යාපෘතිය වෙත යොමුකරන ලද අයදුම්පත් වෙනුවෙන් වන්දි / ගෙවීමක් සිදුකිරීමට බැඳී නොමැත.
h. හේතු දැක්වීමකින් තොරව අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ, විනාශ කිරීමේ හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ ආයතනය සතුවේ. ප්‍රතික්ෂේප කිරීම/ විනාශ කිරීම/ ඉවත් කිරීම වෙනුවෙන් නෙස්ලේ ආයතනය මගින් ගනු ලබන තීරණය අවසන් තීරණය වන අතර වෙනත් මතභේද හෝ අභියෝගවලට එය බඳුන් කළ නොහැක.
i. අයදුම් කිරීම සඳහා යොමු කරන ඡායාරූප මගින් දක්වන හෝ භාෂා අන්තර්ගතය, කිසිදු සමාජ කොට්ඨාසයකට හෝ කිසිදු ආගමක් හෝ නීතිය මගින් සලකා බලන කළ කිසිදු අයුරකින් අහිතකර, අපකීර්තිකර, අවිනීත, අපවාදාත්මක නොවිය යුතුය. ඉහත සදහන් කළ ආකාරයේ අයදුම් ව්‍යාපෘතිය තුළ ඕනෑම මොහොතක, අභිමතය පරිදි ප්‍රතික්ෂේප හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ ආයතනය සතුවන අතර එම තීරණය අවසාන තීරණය වේ.
j. ඉහත කරුණු පිළිපැදීමට අපොහොසත්වන තරඟකරුවන් ව්‍යාපෘතියට ඇතුලත් කර නොගැනීමට නෙස්ලේ ආයතනය හට පූර්ණ අයිතිය ඇත.
k. ව්‍යාපෘතිය වෙනුවෙන් තරගකරුවන් විසින් යොමුකරන ලද අන්තර්ගතය තුළ තෙවන පාර්ශවයක බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝණය/ කඩකිරීම සිදු නොකළ යුතුය. එවැනි උල්ලංඝණයක් වෙතොත් එම වගකීම තරගකරුවන් විසින් බාරගත යුතුය.
l. පුර්ව දැනුම් දීමකින් තොරව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණව හෝ කොටසක් ඉවත් කරගැනීම/ වෙනස් කිරීම/ කල් දැමීම/ මදක් වෙනස් කිරීම සදහා නෙස්ලේ ආයතනය වෙත සම්පූර්ණ අයිතිය ඇති අතර එමගින් සිදුවන අලාභ/ පාඩු වෙනුවෙන් නෙස්ලේ ආයතනය බැඳී නොමැත. එමනිසා නෙස්ලේ ආයතනය මගින් උක්ත කරුණු වෙනුවෙන් හෝ පොදුවේ මෙම ව්‍යාපෘතියේ කොන්දේසි උදෙසා ගනු ලබන තීරණ අවසන් තීරණය වනු ලැබේ.
m. ස්වාභාවික ආපදා, රජයේ තීන්දු තීරණ, නෙස්ලේ සමාගමේ බලපෑමට යටත් නොවන සංසිද්ධි හේතුකොටගෙන සිදුවන පාඩු හෝ අලාභ සදහා නෙස්ලේ බැඳී නොමැති අතර එය වෙනුවෙන් මුදල් හෝ වෙනත් කිසිවක් වන්දි වශයෙන් ගෙවීමට නෙස්ලේ බැඳී නොසිටී.
-
තරඟකරුවෙකු ව්‍යාපෘතිය/ එහි කොන්දේසි හා නීතිරීති පිළිබද සෑහීමකට පත් නොවන්නේ නම් ඔහු / ඇයට මෙම ව්‍යාපෘතියට සහභාගී නොවී සිටිමේ පූර්ණ අයිතිය ඇත.
-
ඉහත සඳහන් අවසන් දිනට පසු ලැබෙන සියලු අයදුම්පත් ප්‍රතික්ෂේප වනු ඇත.