Sorry, you need to enable JavaScript to visit this website.
Sort by
Sort by

Nestle Professional Signature Dish Challenge

සී/ ස නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම (මින් පසු “නෙස්ලේ” ලෙස හදුන්වනු ලැබේ) විසින් Nestlé Professional Signature Dish Challenge “නෙස්ලේ ප්‍රොෆෙශනල් සිග්නේචර් ඩිෂ් චැලේන්ජ්” (මින් ඉදිරියට තරඟය ලෙස හඳුන්වනු ලැබේ) යන නමින් තරඟයක් දීපව්‍යාප්ත මට්ටමින් සංවිධානය කිරීමට නියමිතයි.

  • මෙම තරඟය වලංගු වන්නේ 2022 සැප්තැම්බර් 29 සිට, 2022 නොවැම්බර් 30 (මින්පසු “තරඟ කාලසීමාව” ලෙස හදුන්වනු ලැබේ) දක්වා බැවින් සහභාගීවන්නන් තමුන්ගේ ඇතුළත්වීම් ඉහත සදහන් ව්‍යාපෘති කාලසීමාව තුළ ලැබීමට සැලැස්විය යුතුයි.
  • සහභාගීත්වය අනිවාර්‍ය නොවන අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත්විය හැක.
  • සහභාගීත්වය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විවෘත වන නමුත් නෙස්ලේහී කාර්‍යමණඩලය / කාර්‍යමණ්ඩල පවුලේ සාමාජිකයින් / හවුල් සමාගම් / ප්‍රචාරණ නියෝජිතයින් හෝ මා‍ධ්‍ය හවුල්කරුවන් සඳහා විවෘත නොවේ.

• ඇතුලත් වීම සදහා තරඟකරුවන් විසින් සැපිරිය යුතු සුදුසුකම්:

a. තරඟකරුවන් විසින් පහත සඳහන් කර ඇති ඕනෑම නෙස්ලේ ප්‍රොෆෙශනල් නිෂ්පාදිතයක් භාවිතා කර ඔවුන්ගේ අවන්හලෙහි ජනප්‍රියම ආහාරයක / රෙසිපියක ඡායාරූපයක්, භාවිතා කල නෙස්ලේ ප්‍රොෆෙශනල් නිෂ්පාදිතයත් සමග Nestlé Professional Facebook පිටුව වෙත Inbox/ comment කර එවිය යුතුය.

නෙස්ලේ ප්‍රොෆෙශනල් නිෂ්පාදිතයන් - මැගි චිකන් සීසනින් පවුඩර්-500g, මැගි කරි මික්ස්-500g, නෙස්ලේ ක්‍රීම්-300g, මැගි ලික්විඩ් සීසනින්-800ml, මැගි පිටි කල පොල්කිරි-1Kg, මැගි චිකන් සීසනින් පවුඩර් (No Added Preservatives)-400g, මිල්ක්මේඩ් 5.15Kg

b. මේ සදහා සහභාගී විය හැකිවන්නේ හෝටල්/අවන්හල් හිමිකරුවන්,සේවකයන් සහ ආහාර සම්බන්ධ ව්‍යාපාර හිමිකරුවන් සදහා පමණි.

c. තරඟකරුවන් විසින්

  • තරඟකරුගේ නම,
  • සේවය කරන හෝටලයේ/අවන්හලේ හෝ ආහාර සම්බන්ධ ව්‍යාපාරයේ නම සහ ලිපිනය,
  • තරඟකරු විසින් සැකසූ ආහාර වට්ටෝරුව සහ භාවිතා කල නෙස්ලේ ප්‍රොෆෙශනල් නිශ්පාදිතයන් සමග ඡායාරූපයක්,
  • තරඟකරු සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ ලිපිනය Nestle Professional Facebook පිටුව වෙත යොමු කළ යුතුය.

d. තරඟකරුවන් අතරින් ජයග්‍රාහකයින් 20 දෙනෙකු තෝරාගන්නා අතර, ඔවුන්ට රු.25,000 වටිනා Keells තෑගි වවුචර් (Gift Vouchers) පිරිනැමේ.

f. තරඟකරුවන් විසින් එවන ලද රෙසිපි ඡායාරූප ඉදිරි මාසයේදී Nestlé Professional ෆේස්බුක් පිටුවේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

g. ඉහත අවශ්‍යතා සපුරා නොලබන අයදුම්පත් හෝ තරඟ සහ කාලසීමාවට පසුව ලැබෙනා අයදුම්පත් /ඇතුලත්වීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

h. ත්‍යාග ලබාගැනීමේදී ඇතිවන ගැටලු හෝ ත්‍යාග ලබාගැනීම සම්බන්ධ පැමිණිලි සඳහා නෙස්ලේ ලංකා පාරිභෝගික සේවා දුරකතන අංකය වන (0094)011 47 24 724 අමතන්න.

  • කෙසේ නමුත් ත්‍යාගලාභීන්ගේ නොසැලකිල්ල හෝ මඟහැරීම් වෙනුවෙන් සිදුකරනු ලබන පැමිණිලි වෙනුවෙන් නෙස්ලේ වගකියනු නොලැබේ.
  • ත්‍යාග ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය ජයග්‍රාහකයින් වෙත දැනුම්දෙනු ලැබේ.
  • ජයග්‍රාහකයින් තෝරාගැනීමේ අවසන් තීරණය නෙස්ලේ සතුවන අතර එය වෙනුවෙන් කිසිදු විශේෂ පැහැදිලි කිරීමක් සිදුනොකරනු ඇත. (නෙස්ලේ විසින් ජයග්‍රාහකයින් අහඹු ලෙස තෝරා ගනු ලබයි)
  • ජයග්‍රාහකයින් ලැබිය යුතු ත්‍යාග නෙස්ලේ මගින් තීරණය කරනු ලබන අතර එහි තොග ඇති / නැති බව ත්‍යාගය සඳහා පදනම් වේ.
  • ත්‍යාග පිරිනැමීම නෙස්ලේ මගින් ක්‍රියාත්මක කරන සත්‍යාපනයකට යටත් වේ. ජයග්‍රාහකයින්ගේ නීත්‍යානුකූලභාවය සත්‍යාපනය කරගැනීමට නෙස්ලේ මගින් මූලික විගණන ප්‍රමිති භාවිතාකරනු ලැබේ. ජයග්‍රාහකයින්ගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මතගැටුම් මතුවන ඕනෑම අවස්ථාවක අදාළ ජයග්‍රාහකයාගේ තිළිණය අවලංගු කිරීමේ හිමිකම නෙස්ලේ සතුවේ. ජයග්‍රාහකයින් අභ්‍යන්තර සත්‍යාපනයකට හෝ ඔවුන් සම්බන්ධ කරගත නොහැකිවිටක හෝ ඔවුන් ත්‍යාගය ලබාගැනීමෙහි අපොහසත්වන කුමන හේතුවක් හෝ පැන නගින අවස්ථාවක නෙස්ලේ හට එම තිළිණයක් අදාළ තරඟකරුට දැනුම්දීමකින් තොරව වෙනත් තරඟකරුවෙකුට වෙන්කිරීමේ සම්පූර්ණ අයිතිය හිමිවේ.
  • ජයග්‍රාහකන් පිළිබඳව ප්‍රකාශයට පත් කළ දින සිට මාස 3ක කාලයක් ඇතුළත ජයග්‍රාහී තරඟකරුවා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ විටෙක/ ඉදිරිපත් නොවන අවස්ථාවක දී ඔහු /ඇය ජයග්‍රාහකයෙක් නොවන බවට තීරණය කෙරේ.
  • ත්‍යාගයක් මාරුකිරීම කළ නොහැකි අතර මේ සම්බන්ධ විමසීම් සලකා බලනු නොලැබේ.
  • මෙම ව්‍යාපෘතියට ඇතුලත් වීම තුළ නෙස්ලේ තරඟකරැවන්ගේ නම, ඡායාරූප, හඬපට,අයදුම් හෝ වෙනත් අදාළ තොරතුරු ප්‍රවර්ධන, මා‍ධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම් , ඉදිරිපත් කිරීම, සන්නාම අධ්‍යයනය, වෙළදපොළ පර්යේෂණ, ප්‍රචාරණ සහ වෙළඳ කටයුතු උදෙසා වැඩිදුර අනුමැතියකින්/ අවසර ගැනීමකින් / වන්දියකින් හෝ දැනුම්දීමකින් තොරව සීමා රහිත කාලසීමාවකට භාවිතා කිරීමට අවසර ලැබේ.
  • නෙස්ලේ මගින් මෙම තරඟය වෙත යොමුකරන ලද අයදුම්පත් වෙනුවෙන් වන්දි / ගෙවීමක් සිදුකිරීමට බැඳී නොමැත.
  • හේතු දැක්වීමකින් තොරව අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ, විනාශ කිරීමේ හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ සතුවේ. ප්‍රතික්ෂේප කිරීම/ විනාශ කිරීම/ ඉවත් කිරීම වෙනුවෙන් නෙස්ලේ මගින් ගනු ලබන තීරණය අවසන් තීරණය වන අතර වෙනත් මතභේද හෝ අභියෝගවලට එය බඳුන් කළ නොහැක.
  • අයදුම් කිරීම සඳහා යොමු කරන ඡායාරූප මගින් දක්වන හෝ භාෂා අන්තර්ගතය, කිසිදු සමාජ කොට්ඨාසයකට හෝ කිසිදු ආගමක් හෝ නීතිය මගින් සලකා බලන කළ කිසිදු අයුරකින් අහිතකර, අපකීර්තිකර, අවිනීත, අපවාදාත්මක නොවිය යුතුය. ඉහත සදහන් කළ ආකාරයේ අයදුම් තරඟයතුළ ඕනෑම මොහොතක, අභිමතය පරිදි ප්‍රතික්ෂේප හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ සතුවන අතර එම තීරණය අවසාන තීරණය වේ.
  • ඉහත කරුණු පිළිපැදීමට අපොහොසත්වන තරඟකරුවන් තරඟයට ඇතුලත් කර නොගැනීමට නෙස්ලේහට පූර්ණ අයිතිය ඇත.
  • තරඟය වෙනුවෙන් තරඟකරුවන් විසින් යොමුකරන ලද අන්තර්ගතය තුළ තෙවන පාර්ශවයක බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝණය/ කඩකිරීම සිදු නොකළ යුතුය. එවැනි උල්ලංඝණයක් වෙතොත් එම වගකීම තරඟකරුවන් විසින් බාරගත යුතුය.
  • පුර්ව දැනුම් දීමකින් තොරව මෙම තරඟය සම්පූර්ණව හෝ කොටසක් ඉවත් කරගැනීම/ වෙනස් කිරීම/ කල් දැමීම/ මදක් වෙනස් කිරීම සදහා නෙස්ලේ වෙත සම්පූර්ණ අයිතිය ඇති අතර එමගින් සිදුවන අලාභ/ පාඩු වෙනුවෙන් නෙස්ලේ බැඳී නොමැත. එමනිසා නෙස්ලේ මගින් උක්ත කරුණු වෙනුවෙන් හෝ පොදුවේ මෙම තරඟයේ කොන්දේසි උදෙසා ගනු ලබන තීරණ අවසන් තීරණය වනු ලැබේ.
  • ස්වාභාවික ආපදා, රජයේ තීන්දු තීරණ, නෙස්ලේ සමාගමේ බලපෑමට යටත් නොවන සංසිද්ධි හේතුකොටගෙන සිදුවන පාඩු හෝ අලාභ සදහා නෙස්ලේ බැඳී නොමැති අතර එය වෙනුවෙන් මුදල් හෝ වෙනත් කිසිවක් වන්දි වශයෙන් ගෙවීමට නෙස්ලේ බැඳී නොසිටී.
  • තරඟකරුවෙකු තරඟය/ එහි කොන්දේසි හා නීතිරීති පිළිබද සෑහීමකට පත් නොවන්නේ නම් ඔහු / ඇයට මෙම තරඟයට සහභාගී නොවී සිටිමේ පූර්ණ අයිතිය ඇත.
  • ඉහත සඳහන් අවසන් දිනට පසු ලැබෙන සියලු අයදුම්පත් ප්‍රතික්ෂේප වනු ඇත.