Sorry, you need to enable JavaScript to visit this website.
Sort by
Sort by

ලැක්ටග්රෝ කොම්ෆොප්රෝ ජාත්‍යන්තර සතුටු දිනය - 2021 මාර්තු

  1. සී/ ස නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම (මින් පසු “නෙස්ලේ” ලෙස හදුන්වනු ලැබේ) විසින් LACTOGROW Sri Lanka “සතුටු දිනය”(මින් ඉදිරියට ව්යාපෘතිය ලෙස හඳුන්වනු ලැබේ) යන නමින් ව්යාපෘතියක් දීපව්‍යාප්ත මට්ටමින් සංවිධානය කිරීමට නියමිතයි.
  2. මෙම ව්යාපෘතිය වලංගු වන්නේ 2021 මාර්තු 11 සිට, 2021 මාර්තු 18 (මින්පසු “ව්යාපෘති කාලසීමාව” ලෙස හදුන්වනු ලැබේ) බැවින් සහභාගීවන්නන් තමුන්ගේ ඇතුලත්වීම් / අයදුම්පත් ඉහත සදහන් ව්යාපෘති කාලසීමාව තුළ ලැබීමට සැලැස්විය යුතුයි.
  3. සහභාගීත්වය අනිවාර්ය නොවන අතර ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්විය හැක.
  4. සහභාගීත්වය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සදහා විවෘතත වන නමුත් නෙස්ලේහී කාර්යමණඩලය / කාර්යමණ්ඩල පවුලේ සාමාජිකයින් / හවුල් සමාගම් / ප්‍රරචාරණ නියෝජිතයින් හෝ මාධ්‍යය හවුල්කරුවන් සඳහා විවෘත නොවේ.
  5. ඇතුලත් වීම සදහා තරගකරුවන් විසින් සැපිරිය යුතු සුදුසුකම්:

    a. දරුවාගේ සතුටු මොහොතක ඡායාරූපයක් මීට අදාළ ෆේස්බුක් පෝස්ට් එක යටතේ කමෙන්ට් කළ යුතු අතර දරුවාගේ නම, ලිපිනය සහ වයස එහි සඳහන් කළ යුතුය.

    b. ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ වයස අවු. 1-5 අතර දරුවන්ගෙන් පමණි.

  6. ත්‍යාග ලබාගැනීමේදී ඇතිවන ගැටලු හෝ ත්‍යාග ලබාගැනීම සම්බන්ධ පැමිණිලි සඳහා නෙස්ලේ ලංකා පාරිභෝගික සේවා දුරකතන අංකය වන (0094)011 47 24 724 අමතන්න.
  7. කෙසේ නමුත් ත්‍යාගලාභීන්ගේ නොසැලකිල්ල හෝ මඟහැරීම් වෙනුවෙන් සිදුකරනු ලබන පැමිණිලි වෙනුවෙන් නෙස්ලේ සමාගම වගකියනු නොලැබේ.
  8. ත්‍යාග ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය ජයග්රාහකයින් වෙත දැනුම්දෙනු ලැබේ

    a. ජයග්රහකන් 20 දෙනෙකු අහඹු ලෙස තෝරා ගනු ලැබේ.එ් පිළිබඳ අවසන් තීරණය නෙස්ලේ සමාගම සතුවන අතර එය වෙනුවෙන් කිසිදු විශේෂ පැහැදිලි කිරීමක් සිදුනොකරනු ඇත.

    b. ජයග්රාහකයින් ලැබිය යුතු ත්‍යාගය නෙස්ලේ මගින් තීරණය කරනු ලබන අතර එහි තොග ඇති / නැති බව ත්‍යාගය සඳහා පදනම් වේ.

    c. ත්‍යාග පිරිනැමීම නෙස්ලේ මගින් ක්‍රියාත්මක කරන සත්‍යාපනයකට යටත් වේ. ජයග්රාහකයින්ගේ නීත්යානුකූලභාවය සත්‍යාපනය කරගැනීමට නෙස්ලේ මගින් මූලික විගණන ප්රමිති භාවිතාකරනු ලැබේ. ජයග්රාහකයින්ගේ නීත්යානුකූලභාවය පිළිබඳ මතගැටුම් මතුවන ඕනෑම අවස්ථාවක අදාළ ජයග්රාහකයාගේ තිළිණය අවලංගු කිරීමේ හිමිකම නෙස්ලේ සතුවේ. ජයග්රාහකයින් අභ්යන්තර සත්‍යාපනයකට හෝ ඔවුන් සම්බන්ධ කරගත නොහැකිවිටක හෝ ඔවුන් ත්‍යාගය ලබාගැනීමෙහි අපොහසත්වන කුමන හේතුවක් හෝ පැන නගින අවස්ථාවක නෙස්ලේ හට එම තිළිණයක් අදාළ තරඟකරුට දැනුම්දීමකින් තොරව වෙනත් තරඟකරුවෙකුට වෙන්කිරීමේ සම්පූර්ණ අයිතිය හිමිවේ.

    d. ජයග්රාහී තරඟකරුවා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ විටෙක/ ඉදිරිපත් නොවන / ප්රකාශ නොකරන අවස්ථාවක දී ඔවුන් තෝරාගැනීමේ ක්‍රියාවලිය තුළින් ඉදිරියට පැමිණ නොමැති බැවින් ඔහු /ඇය ජයග්රාහකයෙක් නොවන බවට තීරණය කෙරේ.

    e. තිළිණයක් මාරුකිරීම් හෝ එය මුදල් ලෙසට හුවමාරු කිරීමක් කළ නොහැකි අතර මේ සම්බන්ධ විමසීම් සලකා බලනු නොලැබේ

    f. මෙම ව්යාපෘතියට ඇතුලත් වීම තුළ නෙස්ලේ හට ජයග්රාහකයින්ගේ නම, ඡායාරූප, හඬපට,අයදුම් හෝ වෙනත් අදාළ තොරතුරු ප්රවර්ධන, මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කිරීම් , ඉදිරිපත් කිරීම, සන්නාම අධ්යයනය, වෙළදපොළ පර්යේශන, ප්‍රරචාරණය සහ වෙළඳ කටයුතු උදෙසා වැඩිදුර අනුමැතියකින්/ අවසර ගැනීමකින් / වන්දියකින් හෝ දැනුම්දීමකින් තොරව සීමා රහිත කාලසීමාවකට භාවිතා කිරීමට අවසර ලැබේ.

    g. නෙස්ලේ මගින් ව්යාපෘතිය වෙත යොමුකරන ලද අයදුම්පත් වෙනුවෙන් වන්දි / ගෙවීමක් සිදුකිරීමට බැදී නොමැත.

    h. හේතු දැක්වීමකින් තොරව අයදුම්පත් ප්රතික්ෂේප කිරීමේ, විනාශ කිරීමේ හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ සතුවේ. ප්රතික්ෂේප කිරීම/ විනාශ කිරීම/ ඉවත් කිරීම වෙනුවෙන් නෙස්ලේ මගින් ගනු ලබන තීරණය අවසන් තීරණය වන අතර වෙනත් මතභේද හෝ අභියෝගවලට එය බදුන් කළ නොහැක.

    i. අයදුම් කිරීම සඳහා යොමු කරන ඡායාරූප මගින් දක්වන හෝ භාෂා අන්තර්ගතය කිසිදු සමාජ කොට්ඨාසයකට හෝ කිසිදු ආගමක් හෝ නීතිය මගින් සලකා බලන කළ කිසිදු අයුරකින් අහිතකරල, අපකීර්තිකර, අවිනීතලඅපවාදාත්මක නොවිය යුතුය. ඉහත සදහන් කළ ආකාරයේ අයදුම් ව්යාපෘතිය තුළ ඕනෑම මොහොතක, අභිමතය පරිදි ප්රතික්ෂේප හෝ ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ සතුවන අතර එම තීරණය අවසාන තීරණය වේ.

    j. ඉහත කරුණු පිළිපැදීමට අපොහොසත්වන තරඟකරුවන් ව්යාපෘතියට ඇතුලත් කර නොගැනීමට නෙස්ලේ හට පූර්ණ අයිතිය ඇත.

    k. ව්යාපෘතිය වෙනුවෙන් තරඟකරුවන් විසින් යොමුකරන ලද අන්තර්ගතය තුළ තෙවන පාර්ශවයක බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝණය/ කඩකිරීම සිදු නොකළ යුතුය. එවැනි උල්ලංඝණයක් වෙතොත් එම වගකීම තරඟකරුවන් විසින් බාරගත යුතුය.

    l. පුර්ව දැනුම් දීමකින් තොරව මෙම ව්යාපෘතිය සම්පූර්ණව හෝ කොටසක් ඉවත් කරගැනීම/ වෙනස් කිරීම/ කල් දැමීම/ මදක් වෙනස් කිරීම සදහා නෙස්ලේ වෙත සම්පූර්ණ අයිතිය ඇති අතර එමගින් සිදුවන අලාභ/ පාඩු වෙනුවෙන් නෙස්ලේ බැදී නොමැත. එමනිසා නෙස්ලේ මගින් උක්ත කරුණු වෙනුවෙන් හෝ පොදුවේ මෙම ව්යාපෘතියේ කොන්දේසි උදෙසා ගනු ලබන තීරණ අවසන් තීරණය වනු ලැබේ.

    m. ස්වාභාවික ආපදා, රජයේ තීන්දු තීරණ, නෙස්ලේ සමාගමේ බලපෑමට යටත් නොවන සංසිද්ධි හේතුකොටගෙන සිදුවන පාඩු හෝ අලාභ සදහා නෙස්ලේ බැදී නොමැති අතර එය වෙනුවෙන් මුදල් හෝ වෙනත් කිසිවක් වන්දි වශයෙන් ගෙවීමට නෙස්ලේ බැදී නොසිටී.

  9. තරඟකරුවෙකු ව්යාපෘතිය/ එහි කොන්දේසි හා නීතිරීති පිළිබද සෑහීමකට පත් නොවන්නේ නම් ඔහු / ඇයට මෙම ව්යාපෘතියට සහභාගී නොවී සිටිමේ පූර්ණ අයිතිය ඇත.
  10. 2021 මාර්තු මස 18 පස්වරු 10න් පසු ලැබෙන සියලු අයදුම්පත් ප්රතික්ෂේප වනු ඇත.